බලාපොරොත්තු සමඟින් දැක්මක් ඇති කිරීම

එටිසලාට් සමාගම වර්තමායේ මිනිසුන්ගේ දුර හෝ පදාර්ථයෙන් සීමා නොවූ ලොව තුල ක්‍රියාත්මක වේ. එටිසලාට් එය ඔබ ගැන නිසා එය වැදගත් වන්නේ කොහේදීද යන්නයි. වගකිවයුතු ව්යාපාරික ආයතනයක් ලෙස එටිසලාට් සමාජය හා පරිසරය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කිරීමට අවශ්‍ය වූ සම්මතයෙන් ඔබ්බට යාමට උත්සාහ කරයි. අපගේ කළමණාකාරීත්වය හා මෙහෙයුම් තුලින් අප කරන ඕනෑම දෙයක් අපි අපගේ සියලු පාර්ශවකරුවන්ට ප්‍රජාවන්ට හා පරිසරයට අපගේ කැපවීම හා ගෞරවය විදහා පෙන්වීමට කටයුතු කර තිබේ. ප්‍රජා සත්කාරක ව්යාපෘති සහ අනුග්‍රාහකත්වය දැක්වීමට අපගේ ආයතනික සමාජ සත්කාරක වගකීම් වැඩසටහන් මූලික අවධානය යොමු කරයි. ස්වේච්ඡා සේවය තුලින් අපගේ ප්‍රජාසත්කාරක ව්යාපෘති සමඟ අපගේ කළමනාකාරීත්වය සහ කාර්යය මණ්ඩලයද නිරතුරුව නිරතව සිටියි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආතනික සමාජ සත්කාරක වගකීම් වැඩසටහන් සඳහා අඛණ්ඩ කැපවීමක් දක්නට ලැබේ. එටිසලාට් සමාගම මධ්‍යම, දිගු කාලින හා කෙටි කාලීන ආයතනික සමාජ සත්කාරක වගකීම් රාශියක් ක්‍රියාත්මක කරයි. එම වැඩසටහන් ප්‍රජා ජීවන උපාය සංවර්ධන, පාරිසරික සහ ආපදා සහන වශයෙන් අංශ කිහිපයක් යටතේ ක්‍රියාත්මක කරනු ලබයි.

බලාපොරොත්තු සමඟින් දැක්මක් ඇති කිරීම

මෙම වෙසක් කාලයේදී එටිසලාට් ලංකා සහ SOMS රාජ්ය නොවන සංවිධානය සමඟ එක්ව ශ්‍රී ලංකාවේ මූල්‍ය අපහසුතා ඇති ජනතාවට කණ්නාඩි යුගල් 3000කට වැඩි සංඛ්යාවක් ලබාදීමේ සුවිශේෂී වෙසක් දන්සැලක් පවත්වනු ලැබීය. දෘෂ්ටි විශේෂඥයන් විසින් නොමිලේ ඇස් පරීක්ෂා කිරීම සහ නොමිලේ ඇස්කණ්නාඩි 2013 මැයි මස 24 දින සිට 26 දන දක්වා ගාලු පාරේ එටිසලාට් ෆ්ලොයිෂ් ස්ටෝස් පරිශ්රෙය්දී සිදු කරන ලදි. මෙම ස්ථානය කේන්ද්‍ර කරගත් ගාලු පාරේ කොළඹ පිහිටි වෙසක් සැමරුම් කලාපය නැරඹීමට පැමිණෙන දහස් ගණන් පිරිස දකිනු ඇත. පුද්ගලයින් 3000 කට අධික පිරිසක් එටිසලාට් සහ එස්ඕඑම්එස් සේවාවන් නිසා ලෝකය පැහැදිලි ලෙස දැකීමට වරම් ලැබූහ.

ඕඑල්පීසී ( එක් දරුවකු සඳහා ලැප්ටොප් එකක් ) ව්යාපෘතිය

ග්‍රාමීය පාසල් වල දරුවන්ගේ සාක්ෂරතාවය සහ පරිගණක දැනුම වර්ධනය කිරීමය.
ග්‍රාමීය පාසල්වල පරිගණක සාක්ෂරතාවය වැඩිදියුණු කිරීම සඳහා මෙම ව්යාපෘතිය සකස් කර ඇත. මෙම නිදහස් ලැප්ටොප් පරිගණකවල වාසනාවන්තයින් වූයේ කුකුල්කොටුව සහ නොච්චියාගම යන පාසල් වල සිසු දරුවන් පනස් දෙනෙකි. පස්වන ශ්‍රේණිය දක්වා සෑම ලැප්ටොප් පරිගණකයකටම ඔවුන්ගේ විෂය නිර්දේශයන් ඇතුලත් කර තිබුණි. මෙම පරිගණක පිළිගන්වනු ලැබූයේ උත්සවයට පැමිණි සිටි ප්‍රධාන නිළධාරීන් අතිනි.

එටිසලාට් ආයතනයේ ප්‍රධාන අලෙවි නිළධාරි සංජීව සමරසිංහ සහ එහි ජේෂ්ඨ කළමණාකරු කේ එම් අබේසිංහ යන මහත්වරු ඇතුළු තවත් ප්‍රා‍දේශීය නිළධාරීහු මෙයට සහභාගී වූහ.

සොඳුරු ලිය ව්යාපෘතිය -කාන්තාවකට වඩා හොඳ ජීවන තත්වයක් ඇති කිරීම.

මෙය අලෙවිකරණ අපද්‍රව්‍ය ප්‍රතිචක්රීකරණය කිරීම සඳහා ආරම්භක ව්‍යාපෘතියකි. මෙහි අරමුණු ලෙස අලෙවිකරණ අපද්‍රව්‍ය ප්රතිචක්රීකරණය පමණක් නොව ග්‍රාමීය ගෘහණියන්ගේ ජීවන තත්වය ඉහල නැංවීමද ඇතුලත්ය.

මෙම ප්‍රතිචක්රීකරණ ව්‍යාපෘතියකි තුලින් ග්‍රාමීය ගෘහනියන් සඳහා පරිසරයට හිතකාමී ඇසුරුම් මළු නිපදවීමට අලෙවිකරණ අපද්‍රව්‍ය යොදා ගැනීමට අවස්ථාව උදාකර දී ඇත. එමඟින් ඔවුන්ට ආදායම් මාර්ගයක් සකසා ගැනීමට හැකි වී ඇත. මෙම මළු නියම කළ මිලකට අලෙවි කරන අතර ආදායමින් කොටසක් ගෘහනියන්ට ලැබීමට ඉඩ සලසා ඇත. මෙම ව්‍යාපෘතියට දැනට කාන්තාවන් අට දෙනෙකුගේ සේවාවන් ලබා ගැනීමට කටයුතු කර ඇත.

Knowledge Centre - paving the path for a better tomorrow

Etisalat's vision of enabling students the access to knowledge came to light through the substantial donation of a fully equipped library and education equipment including a large volume of books, TV, DVD player and a projector. Etisalat's CSR drive was to provide opportunities for students to 'access today's world through education'. This initiative selected some of the most deserving and deprived schools to set up Etisalat's Knowledge Centre. Most of the reading materials available are relevant to the student's everyday academic lessons, thereby aiding them with the proper required knowledge to be well informed in these respective areas. Six Etisalat Knowledge Centres were set up across the country.

"බේව් හාට්ස්" ව්‍යාපෘතිය - වඩා හොඳ හෙටක් වෙනුවෙන් කරන කැපකිරීම වෙනුවෙන් අපි ඔබට ආචාර කරමු

ආබාධිත රණවිරුවන් විසින් කරන ලද තරු දිලෙන රැයක් නම් සංගීත ප්‍රසංගයට සමාජ සත්කාරක අනුග්‍රහය දැක්වීම
මෙම ප්‍රසංගයේදී ලැබූ ආදායම ආබාධිත රණවිරුවන්ට ජීවත්විමට අනුරාධපුරයේ ගෙවල් ඉදිකිරීම වෙනුවෙන් වැය කරන ලදී. මෙම ප්‍රසංගයේ අනුග්‍රාහක වියදම ඇතුළුව රුපියල් මිලියන 3.5ක මුදලක් වැය කර නිවසක් සාදා දීමට එටිසලාට් ආයතනය කටයුතු කර ඇත. මෙම නිවස අනුරාධපුරයෙහි "අභිමන් තක්සලාව" යන නමින් ඉදි කොට ඇත.

ගංවතුර සහනාධාර

එටිසලාට් ආයතනයේ තවත් සමාජ සත්කාරක සේවාවක් ලෙස ගංවතුරින් විපතට පත් වූවන්ට ආපදා කළමනාකරණ මධ්යස්ථාන හරහා ආධාර ලබා දීම් දියත් කරන ලදී. මෙම ව්යාපෘතිය යටතේ දරුණු ලෙස ආපදාවට ලක්වූ අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල සහ අක්කරෙයි පත්තුව යන ප්‍රදේශ තෝරාගෙන විපතට පත්වූවන් හට වියලි ආහාර සහ ආධාර ලබා දෙන ලදී. අනවශ්ය දේවල් අඩංගු රැපියල් 1000 ක වටිනාකමින් යුතු පාර්සල් 2000 ක් මෙහිදී බෙදාදීමට කටයුතු කර ඇත. මෙම පාර්සල් වල අනවශ්‍ය ද්‍රව්‍ය වන සීනි, තේ කොළ, කිරි පිටි, පරිප්පු, සහල්, සැමන්, දත් බෙහෙත් සහ දත් බුරුසු අඩංගුව තිබුණු අතර ඒවා පවුල් 2000 ක් අතර බෙදා දෙන ලදී.

මෙම සමාජ කර්තව්‍ය උදෙසා එටිසලාට් ආයතනය රු 361,220.00 මුදල් ප්‍රමාණයක් වැය කර ඇති අතර එය ඔවුන්ගේ SMS ආදායමින් කොටසකි. ඊට අමතරව රු 1,638780.00 ක මුදලක් මෙම ව්‍යාපෘතියේ දියුණුව වෙනුවෙන් ලබාදීමට එටිසලාට් ආයතනය කටයුතු කර ඇත. එටිසලාට් කාර්යමණ්ඩලය සහ දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්යස්ථාන නියෝජිතයන් පෞද්ගලිකව විපතට පත්වූවන්ගේ නිවෙස් වලට ගොස් මෙම බෙදාදීම සිදු කරන ලදී.

ප්‍රදේශ වල ජනතාව මොවුන්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

TOP