

| එටිසලාට් ගැන |
ශ්‍රි ලංකාවේ ප්‍රථම ජංගම දුරකථන ජාලය වන සෙල්ටෙල් (Celltel) 1989 දී තම ක්‍රියාකාරකම් ආරම්භ කරන ලදී. 2007 ජනවාරි 25 වන දින තම සන්නම් නාමය වෙනස්කිරීම සිදුකල අතර ඉන්පසු තම ආසියානු ක්‍රියාකාරකම් සදහා මිලිකොම් සමාගම මගින් ටිගෝ (Tigo)යන නව සන්නම් නාමය භාවිතා කරන ලදී.
දැන් අප එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ටෙලිකොම් එටිසලාට් ටෙලිසන්නිවේදන සංස්ථාව මගින් සම්පුර්ණ වශයෙන් පාලනයවන වන අතර එයට සම්පුර්ණ හිමිකාරත්වය ඇත . දැනට එය ඊජිප්තුව සහ මැදපෙරදිග රටවල් අතුරින් සෞදි අරාබිය තුල ව්‍යාප්ත වී ඇති අතර තව දුරටත් ආසියානු වෙළෙදපොළට ඇතුල් වී ඇත . ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, ඉන්දුනීසියාව සහ දැන් ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත වී ඇත්තේ කලාපය තුල රටවල් 18ක මිලියන 100 කට අධික ග්‍රාහකයන් සමග එකතු වෙමිනි.
එටිසලාට් නිල වශයෙන් ශ්‍රී ලංකාව තුල තම ක්‍රියාකාරකම් ආරම්භ කරන ලද්දේ 2010 පෙබරවාරි 25 වන දිනයේය.
පුළුල් ජාල ආවරණයක් ලබාදීමට සහ පුර්වගාමී සේවයක් ලබාදීමට අමතරව වෙනත් අතිරේක සේවාවන්ද එටිසලාට් වෙතින් දැන් ලබාදේ.
අප වඩාත් ක්‍රියාශීලි වන අතර පාරිභෝගිකයන් අපගේමය යි සිතා ඔවුන්ට අවශ්‍ය සේවාවන් නොපිරිහෙලා ලබාදීමට ප්‍රමුඛතාවය ලබාදෙනු ඇත.
අපගේ උද්‍යෝගි පාඨය වන්නේ "ඔබ ගැනමයි" යන්නයි. ඒ මන්ද අප අපගේ පාරිභෝගිකයන්ගේ හදවත් තුළ අවශ්‍යතාවයන් සපුරාගැනීමට අවශ්‍ය සේවාවන් සපයන බැවිනි.
ජවය:
වෙළදාමේ ඉහලම තත්වයට ලගාවීමට අවශ්‍ය ජවය සහ ගතිකත්වය අප අගයන අතර එය පෝෂණය කිරීමද කරනු ලැබේ. අපි අනාගත අභියෝග සහ අවස්ථාවන් සදහා බලා සිටින්නෙමු.
විවෘත භාවය :
සමාගමක් ලෙස අප අපගේ පාරිභෝගිකයන්, සැපයුම්කරුවන් සහ සේවකයන් හදවතින්ම පිළිගන්නා අතර වඩාත් සමාජශීලි සහ මිත්‍රශීලි වේ. අප මිනිසුන් සමග ඉතා පැහැදිලි ලෙස, සෘජු ලෙස ගනුදෙනු කරන අතර අවංකත්වයෙන් සහ සාධාරණත්වයෙන් යුතුව ව්‍යාපාර ගනුදෙනුවල නියලෙයි .
හැකියාව ඇතිකිරීම :
අපගේ අභිප්‍රාය වනුයේ අවස්ථාවන් විවෘත කරදිම සහ මිනිසුන්ට තමන්ගේ අරමුණු වෙත ලගාවීම සදහා ක්‍රියාශීලිව උදවු කිරීමයි . අප සැමවිටම පවසන දේ කර පෙන්වන්නෙමු.
අප අමතන්න :
එටිසලාට් ලංකා (පුද්ගලික) සමාගම,
මුක්තාර් ප්ලාසා,
78, ග්‍රෑන්ඩ්පාස් පාර,
කොළඹ 14
ප්‍රධාන දුරකථනය : 0722541541
ඍජු දුරකතනය : 0722123123
![]()