About Us

සමාජ සත්කාරක සේවා

මේ වන විට එකිනෙකා සමඟ සම්බන්ධ වීම සඳහා දුර හෝ වෙනත් සාධක බාධාවක් නොවන ලෝකයක් තුල එටිසලාට් කටයුතු කරමින් සිටියි, ඒ එටිසලාට් 'ඔබ ගැනම' වන බැවිනි. වගකීමක් ඇති ව්‍යාපාරික ආයතනයක් බැවින් එටිසලාට් ආයතනය, සමාජයට හා පරිසරයට යහපත් මෙහෙවරක් ඉටුකිරීම උදෙසා සිමාවකින් තොරව ක්‍රියා කිරීමට උත්සහ ගනියි. අපගේ කළමනාකාරිත්වය හා මෙහෙයුම් මගින් අපගේ පාරිභෝගිකයින්, ප්‍රජාව සහ පරිසරය සඳහා අපගේ ඇති කැපවීම හා ගෞරවය වඩ වඩාත් තහවුරුකිරීමට උත්සහ ගනියි.

අපගේ සමාජ සත්කාරක සේවා කේන්ද්‍ර ගතවී ඇත්තේ ප්‍රජාව පදනම් වූ ආයෝජන වැඩසටහන් හා අනුග්‍රාහකත්වය දැක්වීම මත වේ.
අපගේ කළමනාකාරිත්වය හා කාර්ය මණ්ඩලය මෙම සමාජ සත්කාරක සේවා සඳහා ස්වේච්ඡවෙන් නිරත වීම මගින් ආයතනය තුල සමාජ සත්කාරක ව්‍යාපෘති වලට ඇති නොපසුබට උත්සාහය හා කැපවීම පිළිබිඹු වේ .
එටිසලාට් ආයතනය මගින් අධ්‍යාපනික,සංවර්ධන, පාරිසරික හා ආපදා සහන වැනි විවිධ කෙටි කාලීන, මධ්‍ය-දිගු කාලීන සමාජ සත්කාරක ව්‍යාපෘති රාශියක් ආරම්භ කොට ඇත.

3 OLPC (සෑම දරුවකුටම ලැප්ටොප් පරිගණකයක් ) ව්‍යාපෘතිය -ග්‍රාමීය පාසල් සිසුන් ගේ තොරතුරු තාක්ෂණ කුසලතා හා පරිගණක සාක්ෂරතාවය වර්ධනය කිරීම සඳහා දායක වීම.
3 සොඳුරුදිරිය ව්‍යාපෘතිය - වඩාත් යහපත් දිවිපෙවෙතක් උදෙසා කාන්තාවන් දිරිගැන්වීම.
3 තොරතුරු මධ්‍යස්ථානය - යහපත් අනාගතයක් උදෙසා මාර්ගය සැකසීම
3 Brave Hearts Project - ව්‍යාපෘතිය - යහපත් හෙටක් උදා කරලීම පිණිස ඔබ සිදුකල පරිත්‍යාගය උදෙසා අප ඔබට ආචාර කරන්නෙමු.
3 ගං වතුරෙන් අවතැන් වුවන්


OLPC (සෑම දරුවකුටම ලැප්ටොප් පරිගණකයක් ) ව්‍යාපෘතිය -ග්‍රාමීය පාසල් සිසුන් ගේ තොරතුරු තාක්ෂණ කුසලතා හා පරිගණක සාක්ෂරතාවය වර්ධනය කිරීම සඳහා දායක වීම.

මෙම ව්‍යාපෘතිය ග්‍රාමීය පාසල් දරුවන් ගේ පරිගණක සාක්ෂරතාවය ඉහලනැංවීම පිණිස දියත් කරන ලද ව්‍යාපෘතියකි.
නොච්චියාගම, කුකුල්කටුව විද්‍යාලයේ දරු දැරියන් පනස් පස් දෙනෙක් මෙම ලැප්ටොප් පරිගණක නොමිලේ ලබාගැනීමට වාසනාවන්ත විය.
මෙහිදී 5 ශ්‍රේණිය තෙක් සියලු සිසු දරු දැරියන් හට විෂය නිර්දේශය අන්තර්ගතකල ලැප්ටොප් පරිගණකයක් ලබා දෙන ලදී.
මෙම අවස්ථාවට එටිසලාට් ප්‍රධාන අලෙවි නිලධාරී සංජිව සමරසිංහ මහතා ,ජ්‍යෙෂ්ඨ කළමනාකරු K.M අබේසිංහ මහතා හා එම ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගී විය.




සොඳුරුදිරිය ව්‍යාපෘතිය - වඩාත් යහපත් දිවිපෙවෙතක් උදෙසා කාන්තාවන් දිරිගැන්වීම.

අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ව්‍යාපෘතිය. මෙම ව්‍යාපෘතියෙහි අරමුණ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම පමණක් නොව ග්‍රාමීය ගෘහණියන්ගේ ජිවන තත්වය නගාසිටුවීම සඳහා අවස්ථාවක් ලබා දීමය.

එටිසලාට් දියත් කර ඇති මෙම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ව්‍යාපෘතිය මගින් ඉවතලන අපද්‍රව්‍ය භාවිතයෙන් පරිසර හිතකාමී මලු නිපදවීම සිදු කෙරේ.
මෙම මලු නිපදවීම ග්‍රාමීය ගෘහණියන් විසින් සිදුකරනු ලබයි. මෙමගින් ඔවුනට ජිවන තත්වය උසස් කරගැනීම සඳහා අදායම් මාර්ගයක් සැපයෙන අතර මෙම මලු අලෙවි කිරීමෙන් ලැබෙන අදායමෙන් කොටසක් ඔවුනට ලබා දීම සිදුවේ.

දැනට ගෘහණියන් අට දෙනෙකු මෙම ව්‍යාපෘතිය යටතේ සේවය කරනු ලබයි.




තොරතුරු මධ්‍යස්ථානය - යහපත් අනාගතයක් උදෙසා මාර්ගය සැකසීම

සිසු දරු දැරියන් හට දැනුම ලබා ගැනීමට ප්‍රවේශය සැකසීමේ එටිසලාට් ප්‍රයත්නය මල්ඵල දරමින් අංගසම්පුර්ණ පුස්තකාලයක් හා විශාල පොත් ප්‍රමාණයක්, රුපවාහිනී යන්ත්‍ර ,DVD යන්ත්‍ර සහ ප්‍රක්ෂේපන යන්ත්‍ර වැනි අධ්‍යාපනික උපකරණ පරිත්‍යාග කර ඇත. එටිසලාට් හි මෙම ප්‍රයත්නය දැයේ දුවා දරුවන් හට අධ්‍යාපනය මගින් අද ලෝකය දැකීමේ අවස්ථාව ලබාදීම සඳහා වේ.

මේ සඳහා මුල් පියවර වශයෙන් එටිසලාට් ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම සඳහා පහසුකම් විරහිත පාසල් කිහිපයක් තෝරාගෙන ඇත.
සිසු දරු දැරියන් හට අවශ්‍ය නිවැරදි දැනුම ලබා දීම උදෙසා ඔවුන්ගේ විෂය කරුණු වලට අදාල පොත පත මෙම ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන වලට සපයා ඇත. මේ වන විට දිවයින පුරා එටිසලාට් ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන 6ක් ස්ථාපනය කර ඇත.




Brave Hearts Project - ව්‍යාපෘතිය - යහපත් හෙටක් උදා කරලීම පිණිස ඔබ සිදුකල පරිත්‍යාගය උදෙසා අප ඔබට ආචාර කරන්නෙමු.

අබාධිත රණවිරුවන් විසින් ඉදිරිපත් කරන 'තරු දිලෙන රැයක්' සංගීත ප්‍රසංගය සඳහා අනුග්‍රහය දැක්වීම සිදු කෙරේ. මින් ලැබෙන අදායමෙන් අබාධිත රණවිරුවන් හට අනුරාධපුරයේ නිවාස තනා දීම සිදු කෙරේ. එටිසලාට් මගින් මින් එක් නිවසක් තැනීම සඳහා රු මිලියන 3.5 ක් පරිත්‍යාග කර ඇත.

අබිමන්සල නම් වූ මෙම නිවස අනුරාධපුරයේ ඉදි කර ඇත.




ගං වතුරෙන් අවතැන් වුවන්

එටිසලාට් සමාජ සත්කාරක ව්‍යාපෘතිය යටතේ ගංවතුර උවදුරෙන් විපතට පත්වූවන් හට සහන සැලසීම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන හරහා සිදු කෙරිණි.
මේ සඳහා දරුණු ලෙස ගං වතුර උවදුරට පත් වූ අනුරාධපුර , පොලොන්නරුව , බදුල්ල , අක්කරෙයිපත්තු යන දිස්ත්‍රික්ක 4 තෝරා ගැනිණි.
මෙම දිස්ත්‍රික්ක වල අවතැන් වූ ජනතාවට ආධාර හා වියලි සලාක බෙදා දීම සිදු කෙරින. මෙහිදී අවතැන් වූ පවුල් 2000 ක් අතර අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් 2000 ක් බෙදා දීම සිදු කෙරිණි.

එටිසලාට් මගින් එටිසලාට් පාරිභෝගිකයින් මේ උදාර කර්තව්‍ය සඳහා දැනුවත් කිරීම හා දායක කරගැනීමද සිදු විය.
මෙහි ප්‍රථිපලයක් වශයෙන් SMS මගින් රු 361,220.00 ක් පරිත්‍යාග කිරීම සිදුව ඇත. මෙම ව්‍යාපෘතිය තවදුරටත් සාර්ථක කරගැනීම සඳහා එටිසලාට් මගින් තවත් රු 1,638,780.00 ක් එක් කරන ලදී. එටිසලාට් සහන කණ්ඩායම් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකාරකවරුන්
හා එක්ව ආපදාවට ලක්වූ පවුල් වල නිවෙස් වලට පෞද්ගලිකවම ආධාර බෙදාදීම සිදු කෙරිණි. මෙහිදී දිස්ත්‍රික්ක 4 හි සියලුම පවුල් මගින් ඔවුනට උණුසුම් පිළිගැනීමක් ලැබුණි.




go back